මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීතිමය පිළිගැනීමක් ලබාදීමට සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකරන මැදිහත්වීම් නතර කරන ලෙසත්, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙසත් බලකරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයට අනුබද්ධ සියළුම වෘත්තීය සමිති අද (04) පැය 4ක සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය මගින් ඊයේ (03) පැවත් වූ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් පැහැදිලි කර සිිටි අතර ඒ අනුව රටපුරා සියළු රෝහල්වල කාර්ය මණ්ඩලය මෙම වැඩවර්ජනය සඳහා එක්වන බව එම මධ්‍යස්ථානය වෙනුවෙන් අදහස් දැක්වූ සමන්ත කෝරලේආරච්චි මහතා කියා සිටියේය.
මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ජයන්ත බණ්ඩාර, වෛද්‍ය අසංග වික්‍රමසිංහ, සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී. මැදිවත්ත යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.












