කුමාරස්වාමිට දිනේෂ් හොඳ කියයි-විමල් පට්ට ගහයි-මහින්ද පිලේ කචල්

නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාව පත් කරණ බව නිවේදනය කළ මොහොතේ සිට එම පත් කිරීමට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කිරීමට මහින්ද පිලේ ප්‍රධානියෙකු වන විමල් වීරවංස විසින් කටයුතු කළ නමුත් මහින්ද පිලේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටින්නේ නව අධිපතිවරයා ලෙස සිදු කළ පත්කිරීම තමන්ද අනුමත කරන බවයි.

මහින්ද රාජපක්ෂ මහතා තෙවන වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මොහොතේ සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පෙරට පැමිණි අතර ඔවුන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදීද මහින්ද රාජපක්ෂගේ අගමැති ජයග්‍රහණය අපේක්ෂාවෙන් කටයුතු කළේය.

ඔවුන්ද මාධ්‍ය වෙත නිවේදන නිකුත් කරමින් කියා සිටින්නේ නව මහ බැංකු අධිපතිවරයා එල්ටීටීඊ හිතවාදියෙකු බවත් ඔහුගේ පත්කිරීමට තමන් දැඩි සේ විරෝධය දක්වන බවය. 

කෙසේ නමුත් දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශකරමින් වැඩිදුරටත් පවසන්නේ නව අධිපතිවරයා මහ බැංකුවේ විශ්වාසය වැඩි කිරීම පිණිස කටයුතු කරනු ඇතැයි තමන් තුළ විශ්වාසයක් ඇති බවය.

Facebook
Twitter
LinkedIn