මහින්ද කල්ලියේ මඩ කරියන් කලාකරුවන්ට මඩ සගසති

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති නාට්‍ය අනුමණ්ඩලය හා කලා මණ්ඩලය විසින් ඊයේ (01) පැවැත්වූ රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල නාට්‍ය ශිල්පීන්ට පොරොන්දු වූ පරිදි  විධිමත්ව පැවැත්වීමට කටයුතු නොයෙදීම සම්බන්ධයෙන් එම රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී කලා කරුවන්ගේ දැඩි විරෝධය එල්ල වූ අතර මේ වනවිට මහින්ද පිල විසින් එම කලා කරුවන්ට අපහාස වන අන්දමින් ඔවුන් ඉලක්කර සමාජජාල වෙබ්අඩවිවල මඩ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

එම කලා කරුවන් විසින් රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ වේදිකාවේ ප්‍රදර්ශනය කළ නිර්මාණාත්මක විරෝධතා පුවරු විකෘති කරමින් එම මඩ ව්‍යාපෘතිය සිදු කරමින් සිටී.

මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින්නේ හිටපු ඇමතිවරයෙකු වූ මහින්ද පිලේ කටයුතු කරන රේණුක පෙරේරා මහතා වන අතර මහින්ද පිලේ ප්‍රතිරූපය ගොඩනැගීම වෙනුවෙන් ඔවුන් විසින් ක්‍රියාත්මක කරමින් යන A Brighter Future for Sri Lanka නැමති facebook ගිණුම විසින්ද මෙවැනි විකෘති කරන ලද ඡායාරූප post කරමින් සිටියි.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දුර්ධාන්ත පාලනය පෙරලා දැමීම සඳහා සැලකියයුතු කාර්යභාර්යයක් කලාකරුවන් විසින් සිදු කළ අතර පරාජයට පත්වූ මහින්ද පිල නැවතත් බලයට ඒම සඳහා ආණ්ඩු විරෝධය තමන් අතට ගැනීමට කොතෙකුත් උත්සාහ කළද මහින්ද රාජපක්ෂ දුර්ධාන්ත පාලනය පෙරලා දැමීමට කටයුතු කළ බලවේග විසින්ම තවදුරටත් මහින්ද රාජපක්ෂ පිලටත් වත්මන් රනිල්-මෛත්‍රී ආණ්ඩුවටත් එරෙහිව සිය විරෝධය එල්ලකරමින් සිටින බැවින් මහින්ද පිල අපේක්ෂිත ලෙස ඔවුන්ට ජනතා විරෝධයන් සඳහා නායකත්වය ලබා දීමට නොමැකි වීම නිසා ඇති වී තිබෙන සිත් තැවුලෙන් මෙලෙස මඩ ප්‍රචාරයන් ගෙන යාමට කටයුතු කරමින් සිටින බව දේශපාලන විචාරකයෝ පවසති. 

 

පහතින් දැක්වෙන්නේ එම විරෝධතාවය පිළිබඳව රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන්වල පළ වූ වීඩියෝවන්යhttps://www.youtube.com/watch?v=XkVI_u1xbe8 https://www.youtube.com/watch?v=1ERF7U6ArXo

රාජ්‍ය නාට්‍ය උළෙලට කලාකරුවන්ගේ විරෝධය

Posted by Newsfirst.lk on Friday, July 1, 2016

රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ නාට්‍ය කරුවන්ගේ විරෝධය

රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ නාට්‍ය කරුවන්ගේ විරෝධය

Posted by සමාජවාදී කලා සංගමය SSA on Saturday, July 2, 2016

Facebook
Twitter
LinkedIn