රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී නාට්‍ය කරුවෝ විරෝධතා දක්වති

නාට්‍ය අනුමණ්ඩලය හා කලා මණ්ඩලය විසින් නාට්‍ය ශිල්පීන්ට පොරොන්දු වූ පරිදි රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල විධිමත්ව පැවැත්වීමට කටයුතු නොයෙදීම සම්බන්ධයෙන් මේ වනවිට පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී කලා කරුවන් විරෝධය දක්වමින් සිටී.

ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, ජ්‍යෙෂ්ටයන් නවකයන් ඇතුළු නාට්‍ය කරුවන් රැසක් රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල සඳහා සහභාගී වී සිට ඇති අතර ඔවුන් සහභාගීත්වය දක්වා ඇත්තේද සිය විරෝධය පල කිරීම සඳහා කළු පටි පැලඳගෙනය.

මෙම උත්සව අවස්ථාවට රාජ්‍ය අනුග්‍රහය ඉහළින්ම හිමිවිය යුතු අතර විශය භාර ඇමතිවරයා ඇතුළු බලධාරීන්ද සහභාගී වියයුතු අවස්ථාවකි. එහෙත් මෙවර විශය භාර අමාත්‍යවරයා හෝ ආණ්ඩුවේ කිසිඳු බලධාරියෙකු ඊට සහභාගී වී නොවීමද විශේෂත්වයකි.

මෙවර රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී නාට්‍ය කරුවන්ව හෑල්ලු වන ආකාරයට මෙම අවස්ථාව පැවැත්වීම සම්බන්ධයෙන් නාට්‍යකරුවන් න්‍යායපත්‍රයට පිටින් වේදිකාවට ගොඩවෙමින් සිය විරෝධතා දක්වමින් සිටිති.

උළෙල ආරම්භයේදීම ජෙහාන් ශ්‍රී කාන්ත් මහතා කතාවක් පවත්වමින් නාට්‍ය කරුවන් හෑල්ලුවට ලක්කරණ මෙම රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලට නාට්‍ය කරුවන්ගේ විරෝධය එක් කර සිටි අතර පසුව එළඹි සම්මාන පිරිනැමීමේ අවස්ථාවේදීද සම්මාන ලබා ගන්නා නාට්‍ය කරුවා සමග තවත් නාට්‍ය කරුවෙකු වේදිකාවට ගොඩවී නිර්මානාත්මකව සකසන ලද විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සිටියි. 

විටෙක් තවත් නාට්‍ය කරුවෙකු වේදිකාවට ගොඩවී විරෝධතා දක්වමින් කතා පවත්වන අතර නාට්‍ය කරුවන් හෑල්ලුවට ලක්කරමින් ආණ්ඩුව කටයුතු කරන ආකාරයට ඔවූහු ආණ්ඩුවට සිය අප්‍රසාදය පල කරමින් සිටිති.

Facebook
Twitter
LinkedIn