හෝමාගම හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට

පසුගිය 29වනදා හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ අවන්හලකට කඩාවැදී එහි හිමිකරුවාට පහරදීම සම්බන්ධයෙන් සෘජුවම චෝදනා ලබා සිටි හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඉන්දික කෝරලගේ මහතා අද (01) පෙරවරුවේ අතුරුගිරිය පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී හිටපු සභාපතිවරයා ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඉන්දික කෝරලගේ ඇතුළු මැරයන් විසින් සිදු කළ පහරදීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබා ඇත. 

ඉන්දික කෝරලගේ මහතා මහින්ද රාජපක්ෂ පිලට සහයෝගය දක්වන්නෙකු වන අතර මොහු සම්බන්ධව සිදු කර ඇති නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී චෝදනා කිහිපයක්ම එල්ලවී ඇත.

ආශ්‍රිත පුවත් 

මහින්ද පන්නයේ වැඩකරන මහින්ද පිලේ හිටපු සභාපති

Facebook
Twitter
LinkedIn