මීගලෑවේ නිධන් හෑරූ පිරිසක් කොටුවේ

 

මීගලෑව, කැප්ඇල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු ‍මීගලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයින් විසින් මීගලෑව ප්‍රදේශයේ ඉඩමක කැණීම් කටයුතු සිදුකරමින් සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

නිධන් හැරීම සඳහා උපයෝගී කර ගත් බැකෝ යන්‍ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් සහ භාණ්ඩ 14වන දා ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව පොලිසිය ප්‍රකාශ කරයි.


 

Facebook
Twitter
LinkedIn