ජාතික පාසලක සිට තවත් ජාතික පාසලකට උසස් පෙළ හැදෑරීම සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම වැළැක්වීමට අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක නොකිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (16) තීරණය කර ඇත.
ඒ අනුව දැනට ජාතික පාසලකට ඇතුළත් විම සඳහා ඉල්ලුම් කර ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එම ඉල්ලුම් කළ ජාතික පාසලට ඇතුළත් වීමේ අයිතිය හිමි වී තිබේ.
කෙසේ වෙතත් මෙම චක්‍රලේකය ලබන වසරේ සිට යළි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයිද වාර්තා වේ.
මෙම චක්‍රලේඛය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් දිගින් දිගටම පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විසින් විරෝධතා ව්‍යාපාරය දියත් කළ අතර ඊයේ (16) ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යංහය ඉදිරිපිටදීද දෙමාපියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරුවරුන්, පාසල් සුරැකීමේ ජානතා ව්‍යාපාය සමග එක්ව විරෝධතාවයක නිරතවිය.
එම ව්‍යාපාරයේ කැඳවුම්කරු ධම්මික අලහප්පෙරුම මහතාගෙන් මෙම චක්‍රලේඛය අහෝසි කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙම චක්‍රලේඛය හකුළා නොගත්තේනම් වෙනත් ඉදිරි ක්‍රියාමාර්ග රැසක් ගැනීම සඳහා තමන් දෙමාපියන්, සිසු සිසුවියන්, ගුරු සංගම්, වෙනත් වෘත්තීය සමිති, රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සංවේදී වෙනත් කොටස් සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය සමග එක්ව සාකච්ඡා කරමින් සිටි බවත් ඉන් අධියර කිහිපයක් ක්‍රියාවට නගා මෙය පරාජයට පත්කිරීමට හැකිවීම මෙරට දරු පරපුර මෙන්ම අධාපනයේ අනාගතය ලැබූ ජයග්‍රහණයක් බවයි.
ආණ්ඩුව උදම් අනන ආකාරයට ලබනවසරේ මෙය ක්‍රියාවට නැංවීමට උත්සාහ දරන්නේනම් එය ඔවුන්ගේ සිහිනයක් පමණක් වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගෙන් අප මේ සම්බන්දයෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ආණ්ඩුව මෙම චක්‍රලේඛය ගෙන ආවේ සාමාන්‍යපෙළ සමත්වන පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට රජයේ ප්‍රධාන පාසල් වල උසස්පෙළ වරම් හිමිකර දී රජයේ පාසල්වල සිසු සිසුවියන්ට ඒ අවස්තා අහිමිකිරීමට බවයි.
මෙය අධ්‍යාපනයේ සම අවස්ථා අහිමිකිරීමේ ආණ්ඩුවේ සැලසුමේ එක් පියවරක් බවත් සිසු ජනතා බලකිරීම් හමුවේ මෙය තාවකාලිකව හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවූ බවත් න්දහස් අධ්‍යාපනය සුරැකීම සඳහා සියළු දෙනා පෙළ ගැසිය යුතු බවත් ජනතා සටන්වලින් ජනතාවට ජයග්‍රහණ හිමි කරගත හැකි බව මෙයින්ද ඔප්පුවූ බවත් අධ්‍යාපනයේ සම අයිතීන් ආරක්ෂා කර අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට සියළු දෙනා එක්විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.









