යුරෝපා සංගමය සහ ජර්මන් චාන්සලර්වරිය යුරෝපිය ජාතිකයන්ගේ ජීවිත සමග සුදුවක යෙදී සිටින බව ගී‍්‍රසියේ වාම රැඩිකල් සයිරිසා බ්ලොක් පක්ෂයේ නායක ඇලෙක්සිස් ටිසිප්රාස් චෝදනා කරයි. යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කළ සුභ සාධන කප්පාදු කිරිමේ වැඩ සටහන විසින් ග්‍රීසිය විනාශ කල බවත් දැන් එය මුළුමහත් යුරෝපාකරය පුරා වසංගතයක් මෙන් පැතිර යන බවත් ටිසිප්රාස් පවසයි.
යුරෝ මිලියන 700 ක ප‍්‍රමාණයක් පසුගිය දින කිහිපය තුළදී ගී‍්‍රක බැංකු වලින් නැවත ලබාගෙන ඇති අතර මෙම තත්වය මත ගි‍්‍රක බැංකු කඩා වැටීමේ අනතුරක් ඇති බව ආර්ථික විශ්ලේශකයෝ පෙන්වා දෙති.
ලබන ජූනි මස 17 දින නැවත පැවත්වීමට තීරණය කර ඇති ගී‍්‍රක මැතිවරණයෙන් ජය ගෙන සුභ සාධන කප්පාදුවට එරෙහි රජයක් පිහිටුවීම තම අරමුණ බව සයිරිසා බ්ලොක් පක්ෂ නායකයා වැඩි දුරටත් පවසයි.
Views: 0









