
නීති විරෝධී ලෙස ඉතාලියට සංක්‍රමණය වීම සඳහා මෝටර් රථයක බොනට්ටුවේ සැඟවී ගෙන පැමිණී ඇෆ්ගන් තරුණයෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නම සඳහන් කර නොමැති 18 හැවිරිදි මෙම තරුණයා නිසාන් රථයක එන්ජිම අසල කුඩා ඉඩෙහි සැඟවී බල්ගේරියානු යුවලක් සමග ග්රී සියේ සිට පැමිණ ඇති නමුත් මාර්ග පරීක්ෂාවකදී ඉතාලි පොලිස් භාරයට පත්ව තිබේ.
බ්ලැන්කෙට්ටුවක් සහ වතුර බොතලයක් පමණක් ඔහු සතුව තිබී ඇති අතර පැය 20ක කාලයක් ඔහු මෝටර් රථය තුළ ඒ වන විටත් ගත කර තිබී ඇත. අත් අඩංගුවට ගැනීමෙන් පසු තරුණයා පොළීසියට ප්‍රකාශ කර ඇත්තේ එහුගේ ඉතාලි ගමන වෙුනවෙන් ජාවාරම් කල්ලියකට යූරෝ 6,000ක මුදලක් (රුපියල් ලක්ෂ 12කට වැඩි) ගෙවා තිබූ බවය.

Views: 0









