ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබද්දී එයට තරගකාරී අයුරින් ඉන්ධන අලෙවි කරන ලංකා ඉන්දීය තෙල් සමාගම සිය නවතම ගිණුම් වාර්තා ඉදිරිපත් කර තිබේ.
මේ අනුව, 2012 මාර්තු කාර්තුවේදී ලංකා ඉන්දීය තෙල් සමාගම රුපියල් මිලියන 41 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී ලබා තිබුණේ රුපියල් මිලියන 111 ක පාඩුවකි.
ගිණුම් වාර්තා වලට අනුව මේ මාර්තු කාර්තුවේදී සමාගම කොටසකට අදාළව ශත 08 ක ලාභයක් වාර්තා කර ඇත.
මූල්‍ය ගාස්තු වන රුපියල් මිලියන 845 ක මුදලක් අඩුවීමට පෙර ගෙවුණු මාර්තු කාර්තුවේදී සමාගම රුපියල් මිලියන 894 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබෙන බව සඳහන්ය.
සමාගම සතුව මිලියන 33.2 ක ඩොලර් ණය තිබෙන අතර රුපියල අවප්‍රමාණය වීම නිසා එම ණය සඳහා ගෙවිය යුතු ගාස්තු ඉහළ ගොස් තිබේ.
ඩොලරයක මිල රුපියල් 110 ක මට්ටමක සිට රුපියල් 130 ක් වැනි මට්ටමක් දක්වා ඉහළ ගිය අතර රජය පසුගියදා ඉන්ධන මිල ගණන් ඉහළ දැමීය.









