නිධානයක් තියෙන තැනක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ හෙළිකරයි

තවමත් නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් නොවූ එකම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත්තේ අනුරාධපුර දැඩිගම ප්‍රදේශයේ බවත් එය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකර ඇති ස්මාරකයක් බවත් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු විසින් නිතරම ආරක්ෂා කරනු ලබන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඊයේ (15) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

වර්තමානය වන විට ලංකාවේ පුරා වස්තූන් සහිත ස්ථාන 275,000ක් පමණ ප්‍රමාණයක් හඳුනා‍ගෙන අති අතර මෙම ප්‍රමාණයෙන් තෝරාගත් ස්ථාන 14,000කට ආසන්න ප්‍රමාණයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිරන්තර නිරීක්ෂණයට ලක් කරනු ලබන බවත් ඒ මහතා පවසා සිටී.

ඔහු වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේනතුව ස්ථාපිත කර මේ වන විට වසර 130ක් ගත ඇති බවය.

Facebook
Twitter
LinkedIn