කොළඹ රාජකීයේ දොර නව සිසුන්ට වැසේ

2011 සාමාන්‍යපෙළ සමත්වී උසස්පෙළ හැදෑරීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණි නව සිසුන් පිරිසකට එම පාසලේ දොරටු විවෘත නොවීම තුළ විශාල පීඩාවකට මෙන්ම මානසික තැවුලකට පත්ව ඇතැයි වාර්තාවේ.

ඊයේ (15) එම පාසලේදී 2014 උසස්පෙළ පන්ති සඳහා භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාව විශයන්වලින් පෙනීසිටින අලුතින් අතුල්වූ ශිෂ්‍යයන්ගේ දෙමාපිය රැස්වීමක් පාසල් බලධාරීන් විසින් පවත්වා ඇත. එහිදී විදුහල්පතිවරයා පවසා ඇත්තේ පුද්ගලික පාසල්, මෙරට පිහිටි ජාත්‍යන්තර පාසල්, පිටරට පාසල් ආදියෙන් පැමිණි ශිෂ්‍යයන්ගේ දෙමාපියන් පමණක් එහි රැඳී අනිකුත් සිළුම ජාතික නොවන පාලස්වලින් පැමිණි ශිෂ්‍යයන්ගේ දෙමාපියන්ට ඉන් පිටව යන ලෙසයි. එමෙන්ම ඔවුන්ට දන්වා ඇත්තේද තම දරුවන් මෙම පාසලට භාරගත නොහැකි බැවින් පැරණි පාසල්වලටම නැවත යවන ලෙසය.

එවැනි ශිෂ්‍යයන් 50ක් පමණ භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාව විශයධාරා හැදෑරීම සඳහා රාජකීය විද්‍යාලයට ඇතුලත්කර ඇති අතර තම දරුවන් ඇතුලත් කර ගැනීම සඳහා ඔවුන් රුපියල් 60,000 සිට ලක්ෂය දෙක දක්වා පාසලට ගෙවා ඇති බවත් ඒ වෙනුවෙන් පාසලෙන් නිකුත්කළ බිල්ද ඔවුන් සතුව තිබෙන බවත් වාර්තාවේ.

මේ අවස්ථාවේ දෙමාපියන් සහ පාසල් බලධාරීන් අතර උනුසුම් තත්වයක් හටගෙන ඇත. මෙයින් පීඩාවට පත් දෙමාපියන් සහ ශිෂ්‍යයන් මානව හිමිකම් කොමිසමට HRC1836/2012 අංකය යටතේ පැමිණිලිකර ඇත.

Facebook
Twitter
LinkedIn