කරුණා සහ පිල්ලෙයාන් වෙනුවෙන් හමුදාව ගෙයින් ගෙට යයි

කරුනා අම්මාන් නොහොත් විනයාර්ගමූර්ති මුරලිදරන් සහ පිලලෙයාන් නොහොත් ශිවනේෂන් තුරෙයි චන්ද්‍රකාන්තන් යන දෙදෙනැ වෙනුවෙන් හමුදාව ධන්ද ප්‍රචාරක කටයුතුවලට මුල පුරමින් සිටින බව වාර්තා වේ.

නැගෙන හිර පළාතේ විශේෂයෙන් වාකරේ ප්‍රදේශයේ ජනතාව වාසය කරන නිවෙස් වෙත යන හමුදා නිලධාරීන් ජනතාව බිය ගන්වමින් කරුණාට සහ පිල්ලෙයාන්ට ඡන්දය ලබාදෙන ලෙස අන කරමින් සහ ඡන්දය දෙන බවට පොරොන්දු ගනිමින් සිටින බවත් එම ‍පොරොන්දුව සනාත කිරීම සඳහා හමුදා නිලධාරීන් විසින් ගෙන එනු ලබන සටහන් පොත්වල නම, ලිපිනය සහිතව අත්සන් ගබා ගන්නා බවත් වැඩිදුරටත් වාර්තා වේ.

මේ පිළිබඳ සැලවීමෙන් එම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ පිළිබඳව හමුදා නිලධාරීන් ගෙන් විමසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ නැගෙනහිර පලාත්සභාවේ මැතිවරණය ලඟදීම පැමිනෙන බැවින් මෙසේ ජනතාව දැනුවත් කරන බවත්, යුද්ධය අවසන් කලේ හමුදාව හා රජය බැවින් මේ ගැන දැනුවත් කිරීමට හමුදාවට අයිතියක් ඇති බවත්ය.

එම අවස්ථාවේ සිවිල් ඇඳුමින් සිටි හමුදා බුද්ධි අංශයේයැයි සැක කළ හැකි පිරිසක් මෙම මන්ත්‍රීවරයා සමග ගැටුම්ක් ඇතිකර ගැනීමට තැත් කර ඇති බැවින් මන්ත්‍රීවරයා වහාම ඉන් පිටව ගොස් ඇත.

කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර පළාත භාරව සිටි නායකයා වන අතර පිල්ලෙයාන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ළමා සොල්දාදුවන් භාරව සිටි නායකයා විය.

 

Facebook
Twitter
LinkedIn