
ඉතාලියේ මොන්ති පාලනයට සහ එයට සහය දක්වන ඊනියා විපක්ෂයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් මැයි 12වන සෙනසුරාදා රෝමයේදී පැවති බවත් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලි කමිටුවේ සහයෝගයද ලබාදුන් බවත් පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම විරෝධතාවය පැවැතිවීමට ප්‍රධානතම හේතුවී ඇත්තේ ඉතාලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ රැකියාවන්ගේ සුරක්ෂිතභාවයට අදාළ වගන්ති ඉවත් කරීම, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වුවමනාවන්ට අනුව ජනතාව පීඩාවට පත්කිරීම යන කාරුනු බවත් එම නිවේදනයේ සඳහන්ය.
එම විරෝධතා ව්‍යාපාරය ඉතාලියේ Rifondazione Comunistපක්ෂය සහ Comunisti Italiani ෂක්ෂය එක්ව සංවිධානය කර තිබිණි. එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලි කමිටුවේ නියෝජිතයන් පිරිසක්ද ජාත්‍යන්තරවාදී සහයෝගය දක්වමින් එයට එක්වූ බවත් වැඩිදුරටත් එහි සඳහන්ව තිබේ.

















