ඇඹිලිපිටිය නගරයේ පැවති සාදයකදී පොලීසිය සමග ඇති වූ ගැටුමේදී මිය ගිය සුමිත් ප්රසන්න ජයවර්ධනගේ මරණයට සැකපිට මාස 04කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මහතාව ඇඹිලිපිටිය මහාධිකරණය අද (2) රුපියල් 20,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මත නිදහස් කිරීමටත් ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් මහාධිකරණ විනිසුරු කුමාරි එම්. අබේරත්න මහත්මිය නියෝග කර තිබේ.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද විනිසුරුවරිය නියෝග කර ඇත.
මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී ඥාතීන් ඇතුළු නීතිඥයින්ගෙන් පොලීසියට දැඩි චෝදනා එල්ල වූ අතර එහිදී ප්රකාශ කෙරුණේ ඊට අදාළව පොලීසියේ කිසිවෙකුත් අත්අඩංගුවට නොගෙන සිටි බවටයි.
කෙසේ වුවද හිටපු පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙතුවක් කලක් ඔහු රිමාන්ඩ් භාරයේ පසුවිය.
මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි විමසීමේ කටයුතු ද අද සිදු වේ.









