රුපියල් මිලියන 55ක පරිපූරක ඇස්තමේන්තුව සඳහා අද පසුගිය මැයි 05 පැවති ඡන්ද විමසීම දිනයේ කලහකාරී ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තු මහ ලේකම් වරයා සතුව තිබූ ලිපිඛෙනද උදුරාගනිමින් ඉතා අසෝබන ආකාරයට කටයුතු කළ මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පිලේ මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී තම හැසිරීම පිළිබඳ සමාව නොගන්නේ නම් ඔහුට එහෙරිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායකවරයා කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් සමාව නොගතහොත් බොහෝ දුරට ඔහුටත් සතියක හෝ සති දෙකක පාර්ලිමේන්තු තහනමකට ලක්වන්නට සිදු වනු ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.
එදින ඔවුන් කලහකාරී ලෙස හැසිරුණු ආකාරය දැක්වෙන සංස්කරණය නොකළ වීඩියෝවක්ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කතානායකරයාගෙන් කරන ලද ඉල්ලීමක් පරිදි පසුගියදා පාර්ලිමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කළේය.









