ග්‍රීසියත් වමට ?

ග්‍රීසියේ පසුගියදා පැවති මැතිවරණ‍යෙන් ඉතා සුළු ප්‍රතිශතයකින් ජයගත් දක්ෂිණාංශික නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය රජයක් පිහිටුවීමට අසමත්වීමෙන් පසු වාම රැඩිකල් සයිරීසා බ්ලොක් පක්ෂය විසින් රජයක් පිහිටුවීම සදහා අනෙකුත් වාම සහ වාම හිතවාදි පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර ඇත.

යුරෝපය පුරා පැතිර යන දැඩි ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස යැයි පවසමින් යුරෝපා සංගමය විසින් යෝජනා කර ඇති අමානුෂික සුබසාධන කප්පාදු කිරීමේ යෝජනාවලියට එරෙහි පක්ෂ එකතුවක රජයක් පිහිටුවීම තම අරමුණ බව සයිරීසා බ්ලොක් පක්ෂයේ නායක ඇලෙක්සි ටිසිප්‍රස් මහතා ප්‍රකාශ කරයි.

පසුගියදා ප්‍රංශයේ සහ ඉතාලියේ ජනතාවද සුබසාධන කප්පාදු කිරීමේ යෝජනාවලියට විරුද්ධ වාමවාදි පක්ෂ මැතිවරණයෙන් ජයග්‍රහණය කරවමින් යුරෝපා සංගමයේ යෝජනාවලියට ඇති තම විරෝධය පල කරනු ලැබීය.

 

Facebook
Twitter
LinkedIn