
නාරංබැද්ද රක්ෂිතයට මායිම් ව පිහිටා ඇති විශේෂ පොලිස් බලකායට (STF) අයත් කඳවුර භාර ප්‍රධාන නිලධාරීවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් කඳවුරකට මාරුවීමක් ලැබී ඇතැයි වාර්තාවේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ සබරගමුව පළාත්සභාවේ මහ ඇමති මහීපාල හේරත් සහ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණක හේරත්ගේ සමීපතම ආධාරකරුවන් විසින් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන්හල්, ස්කාගාර, ලැගුම්හල්, දැවජාරම් මෙන්ම මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීම් ආදී සියල්ල පාලනවී තිබින්නේ මෙම STF කඳවුර භාර නිලධාරිවරයා ගේ අසාධාරණයට එරෙහි දැඩි බව හා නීතිගරුක භාවය නිසා බවයි.
කෙසේ නමුත් මොහුව මෙම කඳවුරෙන් ඉවත් කිරීමට ආසන්නතම හේතුව වී තිබෙන්නේ රඹුක්කන පොලීසියට මීටර් 500ක් පමණ දුරින් පසුගිය වෙසක් පොහෝය දින බලපත්‍ර රහිතව තේ විකුණන මුවාවෙන් විකුනූ මත්පැන් සලක් වැටලීමේ සිද්ධියකි.
රඹුක්කන වහව මංසන්දියේ පවත්වාගෙන යන සිසිල නැමති වෙළඳසැලේ (තේකඩයේ) මෙම මත්පැන් අලෙවිය කර ඇති අතර විශේෂ කාර්ය බලකායේ වැටලීමෙන් රජයේ ලේබල් සහිත මත්පැන් බෝතල් 10ක් සහ බාගයේ බෝතලයක් අත් අඩංගුවට ගෙන ඇත.
කොට රාජා නැමති අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබන මෙම වෙළඳසැලෙහි හිමිකරු විසින්ම මත්පැන් අලෙවි කර තිබේ. ඔහු පාර්ලි මේන්තු මන්ත්‍රී කනක හේරත්ගේ ප්‍රධානතම ආධාරකරුවෙකු වන බවත් ඔහු ඇතුළු තවත් පිරිසක් විසින් එදින එම වෙළඳසැල අසළම දන්සැලක් සංවිධානය කර තිබී ඇති අතර එයද ආරක්ෂාවට ගනිමින් මත්පැන් වෙළඳාම සිදුකර ඇත.
කනක හේරත් මන්ත්‍රීවරයාට ඔහුගේ මෙම සමීපතම ආධාරකරුවන් විසින් පවසා ඇත්තේ මහ ඇමතිවරයාට හෝ ඔහුට තව දුරටත් තමන්ගේ ආධාර උපකාර ඡන්ද කිරීමට අවශ්‍ය නම් වහාම මෙම STF කඳවුර මෙම ස්ථානයෙන් ඉවත්කරන ලෙසයි. කෙසේ වෙතත් මහඇමතිවරයා ඔවුන්ට අද (08) දන්වා ඇත්තේ කඳවුර එක් වරම ඉවත් කරීම අපහසු බැවින් එහි ප්‍රධානියාට මැරකළ බවයි.









