
මේ මස 26 දා ඇරඹීමට නියමිත කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරගාවලියට සහභාගි නොවීමට මහනුවර ක්රීඩා සමාජයේ ක්රීඩකයන් තීරණය කර ඇති බව වාර්තා වේ.
වෘත්තීය තලයේ මුහුණුවරක් උසුලන කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලිය වෙනුවෙන් පසුගිය වසරේදී තරග වැදුණ කණ්ඩායමට මෙවරත් තරග වැදීමට එකඟත්වය පළ කළ මහනුවර ක්රීඩා සමාජයේ ක්රීඩකයින් තිදෙනකු මෙවර තරගාවලියටද එක්වන බව මුලදී එකඟත්වය පළ කර සිටි නමුත් මේ වන විට ඔවුන් තිදෙනාද මෙම තරගාවලියට එක් නොවීමට තීරණය කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.
මේ පිළිබඳව මහනුවර ක්රීඩා සමාජයේ රග්බි කමිටු සභාපති ලසන්ත විජේසූරිය මහතා අද පුවත් පතකට පවසා ඇත්තේ කාල්ටන් සෙවන්ස්වලට සහභාගි නොවීමේ තීරණය ක්රීඩකයින් විසින් ගත් එකක්.
දේශීය රග්බි ක්රීඩකයින්ගෙන් හා ලොව සුපිරි සත් සාමාජික රග්බි ක්රීඩකයින් 40 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම් 10ක් තරගාවලියට එක්වන අතර, සෑම කණ්ඩායමක්ම ලංසුවක් මගින් ක්රීඩකයින් එක්කර ගනී.









