රෝද තුනේ වැඩිය ගියොත් දඩ

මගීන් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ත්‍රිරෝද රථවල රැගෙන යා නොහැකියැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසා සිටී. ඒ අනුව ත්‍රිරෝද රථයක ගමන් කළ හැක්කේ රියදුරු සමග තවත් මගීන් තිදෙනෙකුට පමණක් බවත් ඊට වැඩි පිරිසක් රැගෙන යන්නන්ට එරෙහිව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මුලස්ථානය පවසයි.

පසුගිය අප්‍රේල් මස පළමු වැනිදා සිට මේ දක්වා කාලය ත්‍රිරෝද රථ නිසා සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 35කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව ඔහු පැවසීය.

Facebook
Twitter
LinkedIn