විදෙස් නියොජිතයන් පැමිණියේනම් ඔවුන් සමග ඇතිකරගත් එකඟතාවයන් කවරේද? – අනුර දිසානායක

මේ වසර ආරම්භයේ සිට ගතවූ මාස 4කුත් දින 8තුළ විදෙස්‌ රාජ්‍ය තාන්ත්‍රිකයන් හා නියෝජිත කණ්ඩායම් 10ක් මෙරටට පැමිණ ගිය බව වැඩබලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසා සිටී. ඔවුන් ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ විශේෂයෙන් උතුරු නැගෙනහිර වාතාවරණය පිළිබඳව සොයා බැලීම ඔවුන්ගේ අරමුණ වූ බවත් ඒමහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේදී කටාර් රාජ්‍යයේ එමීර්වරයාත්,ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාත්, ඉන්දුනීසියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාත් පසුගිය අප්‍රේල් මාසයේදී පලස්‌තීන රාජ්‍යයේ ජනාධිපතිවරයාත්, ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්‌ඩායමත්, සීෂෙල්ස්‌ විදේශ කටයුතු අමාත්‍යවරයාත්, ඊශ්‍රායලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත කණ්‌ඩායමක්‌, ඔස්‌ට්‍රියා නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා හා යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත කණ්‌ඩායමක්‌ දිවයිනට පැමිණ තිබේ.

මෙයට අමතරව ජපානයේ නියෝජ්‍ය අගමැතිවරයාද පසුගිය දිනවල ලංකාවට පැමිණියේය.

ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ මෙම විදෙස් නියෝජිතයින් බහුතරය උතුරු නැගෙනහිර සංචාරය කර එහි ජන ජීවිතය පිළිබඳවත් සොයා බැළු බවය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැකවූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ “මෙසේ විදේස් නියෝජිතයන් පැමිණියේයැයි ආණ්ඩු පවසන්නේනම් ඔවුන් පැමිණි වාර ගණන හෝ පිරිසේ ප්‍රමාණය නොව ඔවුන් සමග ඇතිකරගත් එකඟතාවයන් කවරේද? ඔවුන්ගේ පැමිණීමෙන් මෙරටට ලැබී ඇති පුතිපාදන කවරේද? යන්න රටට පැහැදිළි කළ යුතු බවයි.

Facebook
Twitter
LinkedIn