
ඉන්දියාවේ සංචාරයක් සදහා සහභාගී වී සිටින ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඉන්දීය බලධාරීන් සමග “ඊලාම් දේශය” සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
බෙංගාල ප්‍රාන්තයේ මහඇමතිනී මම්නා බෙතර්ජි සමඟ පැවති සාකච්ඡාවදී හිලරි ක්ලින්ටන් මේ බව පවසා ඇත. ශ්‍රී ලංකාවේ ප්රශ්නය ගැන විශේෂ අවධානයක් යොමුකරන්නැයි බෙතාජි පවසා ඇති අතර ක්ලින්ටන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් විදේශ ඇමති එස්.එම්.ක්‍රිෂ්ණා සහ අගමැති මන්මොහන් සිං සමග සාකච්චා කරන බවත් “ඊලම් දේශය” ප්රශ්නය ගැන විශේෂයෙන් සාකච්ඡා කරීමට අදහස් කරන බවත්ය.
ඇමරිකා එක්සත් ජනපදයේ ආයෝජකයන් පිරිසක් ඉන්දියාවේ බටහිර බෙංගාලේ ප්‍රදේශයේ වෙළඳාම සඳහා පැමිණීමට තීරණයකර ඇති බවත් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මම්නා බෙතර්ජි සමඟ පවසා ඇත.
Views: 0









