
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ විශේෂ රාජකාරි කටයුත්තක් සඳහා පැමිණි නාවික බල සෙබළකු සිය රාජකාරි ගිනි අවියෙන් එම කඳවුරේ සිටි සෙබළියකට වෙඩි තබා ඝාතනය කර එම සෙබළාද හිසට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇත. ඊයේ (07) සවස 1.00ට පමණ සිදුවී ඇති මෙය ප්‍රේම සම්බන්ධයක් නිසා සිදුවූවක් බව පැවසේ.
ප්‍රේම සම්බන්ධතාවක් බිඳී යැම නිසා දැඩි සිත් තැවුලට පත්ව සිටි බව කියන 35 හැවරිදි නාවික හමුදා සෙබළා මෙම සෙබළියට වෙඩි තබා ඝාතනය කර ඔහු ද සිය දිවි හානිකර ගන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ඔවුන්ගේ සිරුරු එක පිට එකවැටී තිබූ බවත් පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වූ 24 හැවිරිදි සෙබළිය නාවික හමුදා කාන්තා සංඥ බළකායට අනුයුක්තව සිටි ආර්.එම්.එම්. සෝමසිරි බව හඳුනාගෙන තිබේ. සිය දිවි හානිකර ගත් නාවික හමුදා සෙබළ ආර්.යු.ඩබ්ලිව්.පී. සුරේන්ද්‍ර තෝපූර් නාවික හමුදා කඳවුරට අනුයුක්තව සිටි විවාහක සෙබළෙකි.
පරීක්ෂණවලින් හෙළිවී ඇති අන්දමට මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබී පසුව එය බිඳී ගොස් තිබිණි. නාවික සෙබළා මේ හේතුව නිසා දැඩි සිත්තැවුලට පත්ව සිට ඇත.
ත්‍රිකුණාමලය වරාය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙනයන බව පැවසේ.









