
උතුරු කොරියානු රාජ්‍ය සමාගම් තුනකට එරෙහිව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය සම්බාධක පනවා තිබේ.
ආරක්ෂක මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ, පසුගිය මාසයේදී එම සමාගම් උතුරු කොරියාවට රොකට්ටුවක් අත්හදා බැලීමට උපකාර කිරීම හේතුවෙනි.
ඒ අනුව එම සමාගම්වල වත්කම් තහනම් කෙරෙන අතර ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක කමිටුව මගින් අනුමත කළ ආයතන සමග ජාත්‍යන්තර වෙළඳාමේ නිරත වීම ද තහනම් වනු ඇත.
මේ සම්බන්ධයෙන් උතුරු කොරියානු ආයතන 40ට එරෙහිව සම්බාධක පැනවීම අමෙරිකාවේ හා යුරෝපා සංගමයේ අවශ්‍යතාව වුව ද එම උත්සාහය චීනය විසින් ව්‍යර්ථ කරනු ලැබීය.
උතුරු කොරියාව පසුගිය 13 වැනිදා රොකට්ටුවක් අත්හදා බැලීමෙන් පසුව කලාපයේ නොසන්සුතාවක් හටගත්තේය.
Views: 0









