
“විනය විරෝධීව හැසිරෙන සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය කපාහැරීම” යනුවේන් සඳහන් කරමින් සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් වෙත චක්‍රලේකයක් නිකුත්කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වන බව තොරතුරු වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අපකළ විමසීමකදී සාමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පැසූවේ ආණ්ඩුව මෙම චක්‍රලේකය ගෙනඒමට සැරසෙන්නේ දුප්පත් සරසවි සිසුන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යත්වයත් නතර කර ඒ මුදල්ද ආණ්ඩුවේ සංදර්ශනවාදී වැඩවලට යෙදවීමට බවයි. මෙම “විනය විරෝධී” ලේබලය යටතේ ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සරසවි සිසුන්ට දඬුවම් කිරීමටද බලධාරීන් මෙය අවස්ථාවක් කරගනු ඇත.
ජනාධිපති පුතුන්ගේ කාර් රේස් සඳහාද ඇමති පුතුන්ගේ කානිවල් සඳහාද කෝටි ගණන් වැය කරන ආණ්ඩුව කළ යුත්තේ ලබාදෙන සොච්චම් මහපොළත් කපා දැමීම නොව වහාම එය රුපියල් 5000ක් දක්වාවත් වැඩිකිරීම බව ඔහු අවධාරණය කර සිටී.









