මැතිවරණ නිරීක්ෂණයට දෙස් විදෙස් නිරීක්ෂකයින් 25000ක්

පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය කිරීමට පැෆරල් සංවිධානය හා කැෆේ සංවිධානය විසින් දේශීය විදේශීය  නිරීක්ෂකයින් විසිපන්දහසකට අධික සංඛ්‍යාවක් යෙදවීමට තීරණය කර ඇත. එම ප‍්‍රමාණයෙන් පනස් දෙනෙක් පමණ  විදේශීය නිරීක්ෂකයෝ වෙති. නිරීක්ෂණ කටයුතු ජූලි 06 වැනිදා සිට  ආරම්භ කරන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්  මහතා සඳහන් කළේය.

 

මීට අමතරව මෙම සංවිධාන දෙකෙහිම පැමිණිලි ඒකක විවෘත කරන අතර, ඉදිරියේදී ඒ සඳහා පැමිණිලි කිරීමට හැකි දුරකතන අංක හා  ෆැක්ස් අංක  හඳුන්වා දීමටද නියමිත ය.

Facebook
Twitter
LinkedIn