මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමට බල කරන පුළුල් පෙරමුණක්

වෛද්‍ය වරුන්ගේ සහ අනෙකුත් වෘත්තිකයින්ගේත්, ශිෂ්‍ය ප‍්‍රජාවගේත්, ප‍්‍රගතිශීලි ජනතාවගේත් විරෝධය නොතකා ආරම්භ කරන ලද මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අපේ රටේ නිදහස් අධ්‍යාපනයත් ජනතාවගේ සෞඛ්‍යයත් මාරාන්තික අනතුරකට ඇද දමා ඇති බවත් එය ජනසතු කරන තුරු අනවරත අරගලයක යෙදීම සඳහා පුළුල් පෙරමුණක් ගොඩනගන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වලට එරෙහි වෛද්‍යවරු සංවිධානය පවසා සිටී.

එම සංවිධානය විසින් ඊයේ (30) කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණ් වැඩිදුරටත් පවසා සිටියේ 2012 මැයි 12 වන දින මේ සඳහා වූ ජනතා එකමුතුවක් ගොඩනැගීමට කටයුතු කරන බවත් ඒ සඳහා වෘත්තිය සමිති හෝ දේශපාලන පක්ෂ භේදයකින් තොරව, මතු පරපුර වෙනුවෙන් වගකීම ඉටු කිරීමට ක‍්‍රියාකාරීට දායක විය හැකි බවයි.

1981 මෙලෙසින් ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තිය සමිති, විද්වතුන් හා කලාකරුවන් සහ ප‍්‍රගතිශීලි ජනතාව කළ බලපෑම් හමුවේ රජයට පවරා ගැනීමට එවකට සිටි පාලකයින්ට සිදු වූ බවත්, එමගින් බිහිවුණු කැළණිය විශ්ව  විද්‍යාලීය වෛද්‍ය පීඨයෙන් සුදුසුකම්ලත්වෛද්‍යවරු දහස් ගණනක් මෙරටට බිහිකරගැනිමේ අවස්ථාව උදා වූ බවත් එම සංවිධානය වෛද්‍යවරු පවසා සිටී.

මෙම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පරාජය කිරීමට ශිෂ්‍යව්‍යාපාරය හෝ වාත්තිය සමිති විසින් හුදෙකලාව කරන අරගල ප්‍රමාණවත් නොවන බවත් සියලුම ප‍්‍රගතිශිලි කණ්ඩායම් එකට එකතුවී සිදුකළ යුතු අරගලයක් බවත් වාඩි දුරටත් එම සංවිධානය අවධාරණය කර සටී.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වලට එරෙහි වෛද්‍යවරු සංවිධානයේ කැදවුම්කරු වෛද්‍ය ඉඳුනිල් විජේනායක මහතා මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය අසංක වික‍්‍රමසිංහ මහතා, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී සිටියහ.

Facebook
Twitter
LinkedIn