මහින්ද මෛතී‍්‍ර පිල් දෙදරයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයේ මන්තී‍්‍රවරුන් අතර මේ වන විට බරපතළ බෙදීමක් නිර්මාණය වී ඇති බවට තොරතුරු වාර්තාවේ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල දෙදෙනාට මහින්ද පාර්ශ්වයේ බහුතරයකගේ විරෝධය එල්ල වී ඇත. මේ දෙදෙනා හිටපු ජනාධිපතිවරයා නොමග යවමින් සිටින බවට එම පාර්ශ්වයෙන් දැඩි චෝදනා එල්ල වී ඇත. පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පසුව මෙම බෙදීම් වර්ධනය වීමේ ඉඩ කඩක් නිර්මාණය වී ඇති බවද වාර්තාවේ. එසේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මෛතී‍්‍ර පාර්ශ්වයේද බෙදීම් කිහිපයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තාවේ. එස්. බී, රාජිත, චම්පික ඇමතිවරුන්ට මෛතී‍්‍ර පාර්ශ්වයෙන් බරපතළ විරෝධයක් එල්ල වී ඇත. මේ අනුව ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී මේ දෙපිළේම පිරිස් එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් පවතින බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටී. 

Facebook
Twitter
LinkedIn