කෝටි 7800කට සතොස විකිණීම ස්ථිරවේ

අප අනාවරණය කරන ලද ආකාරයටම ලක් සතොස පෞද්ගලික අංශයට විකුණා දැමීමට ආණ්ඩුව සූදානම් වේ. ඒ අනුව ලබන ජූලි 07 වැනිදා සිට සතොස ආයතනය ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය තීරණය කර ඇති බව වානිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 24දා මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව පෞද්ගලික ආයතනයකට සතොස ආයතනය ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීමට ලබා දී ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

 

ලාභ ලැබීම, ජනතාවට උසස් තත්ත්වයේ භාණ්ඩ ලබාදීම හා පාලනය විධිමත් කිරීමටත් උපදෙස් ලබා දී ඇති බවත් පෙර පැවති වැඩපිළිවෙළට වඩා හොඳ වැඩපිළිවෙළක් සකසා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. මේ අනුව ආයතනයේ ප‍්‍රධාන නිලධාරිනියකගේ මැදිහත් වීමෙන් ඇමැතිවරයාගේ හිතවතකුට අයත් පෞද්ගලික වෙළඳසල් ජාලයකට රු.කෝටි 7800කට ලක් සතොස පවරා දීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn