බීමට තිබෙන වතුර බිඳත් විකුණාගෙන කන යහපාලනය

ජල කළමනාකරණය ගැන මුළු ලෝකයටම ඓතිහාසික පණිවුඩයක් මුලින්ම ඉදිරිපත් කිරීමට තරම් අප ප‍්‍රඥාවන්ත වූ බව කියැවේ. මේ මහා ප‍්‍රාඥාවන්තයා මහා පරාක‍්‍රමබාහු රජුය. ”අහසින් වැටෙන එක ජල බිඳුවක්වත් ප‍්‍රයෝජනයට නොගෙන මහා සාගරයට ගලායන්න ඉඩ නොතැබිය යුතුය.”යන්න ඒ ඓතිහාසික කළමනාකරණ පණිවුඩයයි. වර්තමාන රැුජිනියන් සහ රජවරුන් ද ලේසි පහසු පුතයලා නොවේය. මහාපරාක‍්‍රමබාහු රජුට නොදෙවෙනි ප‍්‍රඥාවන්ත කි‍්‍රයාවලට හපන්නුය.         ”අහසින් වැටෙන එකදු ජල බිඳක් හෝ විකිණීමට නොගෙන මුහුදට ගලායන්න ඉඩ නොදිය යුතුය”යන්න වචනයෙන් නොව භාවිතයෙන්ම ඔප්පු කිරීමට පසුබට නොවූවාහුය.

”වහෙන් ඔරෝ”අවශ්‍ය නැත. අප මේ කතා කිරීමට සූදානම් වන්නේ අපේ රටේ වටිනා ජල සම්පත විකිණීමට පවතින අඛණ්ඩ කි‍්‍රයාවලිය පිළිබඳවය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ යහපාලනය තුළද ජලය විකිණීමට කැස කවමින් සිටින බව පසුගිය සතියේ අප හෙළි කළේය. මෙය තලියේ කිඹුලන් දැකීමක් යැයි කෙනෙකුට තර්ක කිරීමට හැකිය. එහෙයින් පවතින කි‍්‍රයාවලියේ සුලමුල මුල සිට නැවත මතක්කර දීම අත්‍යාවශ්‍යව තිබේ.

ලෝක අර්බුද තුනක්

ලෝකයේ ප‍්‍රධාන අර්බුද තුනක් ඇතිවන බව 1980 දශකය මුල වන විට සමාජ විද්‍යාඥයන් තේරුම්ගෙන තිබිණ. ලෝක මූල්‍ය  අර්බුදය (මෙය 1950 දශකය වන විට ලෝක මට්ටමින් තේරුම්ගෙන තිබිණි) ලෝක ආහාර අර්බුදය (මෙය ද ඊට සමාන්තරව තේරුම්ගෙන තිබිණ සහ ලෝක ජල  අර්බුදය (1980 වන විට තහවුරු කරගෙන තිබිණ) යනුවෙන්ය. දැන් නවතම ගණන් බැලීම් අනුව ලෝක පරිමාණයෙන් ”බීජ අර්බුදයක්”පැනනැගී තිබෙන බව සොයාගෙන ඇත. සමාජීය වශයෙන් මානව සංහතියට බලපාන්නාවූ අර්බුදයක් ඇති කරන  ඕනෑම දෙයක් උපරිම ලාභ ඉපයීමේ ලෝක පරිමාණ ව්‍යාපාරයක් කර ගැනීම ධනවාදී සමාජ ආර්ථික ක‍්‍රමයක උපන්ගෙයි ලක්ෂණයක්ය.

දෙවන ලෝක යුද්ධය අවසන් වන විට ලෝක පරිමාණෙන් ඇතිව තිබූ මූල්‍ය අර්බුදය තමන්ගේ වාසියට ආර්ථික හා දේශපාලනික අර්ථයෙන් අධිරාජ්‍යවාදීන් විසින් හරවා ගැණින. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිහිවන්නේ මේ නිසාය. අනික් පැත්තෙන්  ඇතිවූ ආහාර අර්බුදය විසඳීමට බව පෙන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය බිහිවිය. මේ නිදර්ශන දෙකම අවසානයේ කි‍්‍රයාකාර තිබෙන්නේ අධිරාජ්‍යවාදී රටවල  ආර්ථික සහ දේශපාලනික අරමුණු ඉටුකිරීමටය. ලෝක ජල අර්බුදයක් ඇතිවන බව තේරුම් ගැනීමත් සමග ”ජලය විකිණිය හැකි භාණ්ඩයක්”බවට පත් කර ගැනීම ආරම්භ කෙරිණ. මෙම කටයුත්තෙහි මූලාරම්භකයන් වන්නේ ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානය සහ ලෝක පරිමාණයෙන් ව්‍යාප්ත ඇමෙරිකානු රාජ්‍ය නොවන සංවිධාන දෙකක්වන රොකපෙලර් පදනම සහ ෆෝඞ් පදනම යන ආයතනයන්ය.

අධිරාජ්‍යවාදී සූර චෞරයන් ලෝකයේ කොතැනකට කුමන අරමුණකින් කඩා වැදුනත් ඒ යන්නේ බෝධිසත්වයන් වශයෙන් නොවන බව ඔප්පු කිරීමට ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හොඳටම ප‍්‍රමාණවත්ය. ආර්ථික ඝාතකයන්ගේ පාපෝච්ඡාරණ මගින් වරින්වර ඒ බව ලෝකයට හෙළිකර තිබේ. 1985 වන විට ජලය පිළිබඳව සූර චෞරයන්ගේ කි‍්‍රයාකාරිත්වය ලෝකය පුරා ක‍්‍රමයෙන් පැතිරවීමට පටන්ගෙන තිබිණ. මේ සඳහා ”ගෝලීය ජල සහයෝගීතා ව්‍යාපාරය”බිහි කර තිබිණ. ඩෙන්මාර්කය, කැනඩාව, පින්ලන්තය, ජර්මනිය බි‍්‍රතාන්‍යය රටවල් වශයෙන් මේ සඳහා පුරෝගාමී වැඩකොටසක් කර තිබිණ. ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ෆෝඞ් පදනම යන සංවිධාන ”ගෝලීය ජල සහයෝගීතා ව්‍යාපාරය”පිහිටුවීමේ මූලික වැඩකොටසක් කර තිබිණ. ”ඩබ්ලින් මූලධර්ම”නම් එක`ගතා මත හිඳිමින් ලෝක ජල සහයෝගීතා ව්‍යාපාරය තම දැක්ම ඉදිරිපත් කළේය. එය නම් ”ජලයට වටිනා කමක් ඇත”යන්නය. ”වටිනාකමක්  ඇත”යන්න මුල් කරගෙන ”කළමනාකරණය”යන්න ඉදිරියට  දැමීය.

”නිකන් දෙනවා නම් උණ-හෙම්බිරිස්සාවත් හොඳයි”යනුවෙන් කියමනක් අපේ වහරේ ඇත. සල්ලි ටිකක් එනවා නම්  ඕනෑම ලෝක ලෙඩක් ඉස්මුදුනින් පිළිගැනීමට තරම් දීන තත්වයකට අපේ රටේ ධනපති පාලකයෝ පත්ව සිටින්නෝය. මේ අනුව ඉතා කඩිනමින් ජලය විකිණීමට අදාළ මූලික සැලසුම් මෙරට තුළ පැලපදියම් කෙරිණ. ඒ, 1985 තරම් කාලයේය. ජලය විකිණීමට අදාළ පදනම මුළු ලෝකයෙන්ම මුලින්ම ආරම්භ කළේ අප රටේය. ඒ ජාත්‍යන්තර වාරිමාර්ග කළමනාකරණ ආයතනය නම් රාජ්‍ය නොවන සංවිධානය පිහිටුවීම සඳහා 1985 ජනවාරි 09 වැනි දින අංක 6 දරන පනතින් අවසර ලබා දුන්නේය. පසුව  එය ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය බවට පත් කළේය. මෙම රාජ්‍ය නොවන සංවිධානවලට එවකට පැවැති එක්සත්  ජාතික පක්ෂ ආණ්ඩුවේ ගාමිණී දිසානායක ප‍්‍රමුඛ කැබිනට් ඇමැතිවරුන්ගේ පූර්ණ අනුග‍්‍රහය ලබාදුන්නේය. ඉන්පසු 2001 වන විට ගෝලීය ජල සහයෝගීතා ව්‍යාපාරයේ අනුග‍්‍රහයෙන් ”ලංකා ජලනී”නමින් තවත් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගත්තේ ඒ වන විට පියවර ගණනාවක් ඉදිරියට පැමිණීමේ ප‍්‍රතිඵලයෙන්ය.

රාජ්‍ය ආයතන ඈඳා ගැනීම

මෙම රාජ්‍ය නොවන සංවිධානවලට රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු ගණනාවක් සමග කි‍්‍රයාකිරීමේ අවස්ථාව ආරම්භයේදීම ලබාදුන්නේය. පහත් බිම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, ශී‍්‍ර ලංකා  ඉංජිනේරු ආයතනය, විශ්ව විද්‍යාල, වාර්මාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා මහ බැංකුව, විදුලි බලමණ්ඩලය, මහවැලි අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ භූ විද්‍යා සහ පතල් කැනීමේ කාර්යාංශය යන ආයතන මෙහිදී කැපී පෙනේ. රාජ්‍ය නොවන සංවිධාන මෙම රාජ්‍ය  ආයතන සහ දෙපාර්තමේන්තු තුළට වැදී

”ජලය විකිණීම”පිළිබඳ මතවාදය තහවුරු කිරීමට කි‍්‍රයාකරමින් සිටී.  ඒ වෙනුවෙන් සම්පත් දායකයන් වශයෙන් පරිපාලන සේවයේ උසස් නිලධාරීන් සහ විශ්වවිද්‍යාලවල ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන්ද කි‍්‍රයාකරමින් සිටී. නිදර්ශනයක් වශයෙන් ඉඩම්, ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්ද  අබේවික‍්‍රම ෂෂඵෂ සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ද විය. විශ‍්‍රාම ගිය පසු ඔහු පූර්ණ කාලීනව එහි ලොක්කෙක් විය.

ජලය විකිණීමට අදාළව හෙමින්සීරුවේ කි‍්‍රයාත්මක සැලසුම් 2000 වසර වන විට කැබිනට් මණ්ඩල පති‍්‍රකා තුළින් එළියට එන තත්වයට වර්ධනය කර තිබිණ. ”ජල සම්පත් අධිකාරී පනත”නම් කැබිනට් පති‍්‍රකාව ඉදිරිපත් වන්නේ ඒ අනුවය. මෙහි විශේෂත්වය වන්නේ වාරිමාර්ග ඇමැතිවරයා හෝ මෙය ඉදිරිපත් නොකර ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින්ම එය ඉදිරිපත් කිරීමය. එනිසා කතා දෙකක් නැතිව එය සම්මත කරගත හැකි විය. ජනාධිපති ඉදිරිපත් කරන සියල්ලට ”එහෙමයි”කියන ඇමැති මණ්ඩලයේ ස්වභාවය මෙයය.

කැබිනට් මණ්ඩලය අනුමත කර තිබුණේ       ”ජලයට අයිතියක් තහවුරු”කිරීමට අදාළ යෝජනාය. යමක් විකිණීමට නම් මුලින්ම එය විකුණනු ලබන පුද්ගලයාට එහි අයිතියක් තිබිය යුතුය. ජල කළමනාකරණයේ මුවාවෙන් ජලය පිළිබඳ අයිතිය පෙරට එන්නේය. අප රටේ මුළු ජල සම්පතේ අයිතිය පැවැරීමට ”ජාතික ජල සම්පත් ආයතනය”පිහිටුවීමට යෝජනා කර තිබිණ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සියලූම කටයුතු අලූතින් පිහිටුවන ”ජාතික ජල සම්පත් ආයතනය”ට පැවරීමට සුදානම් කර මේ සඳහා වූ පනතක් සම්මත කර ගැනීමට ඉතා ආසන්නව තිබිණ. නමුත් මහජනතාව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු සියලූම සේවකයන් එකව කළ විරෝධතා අරගලවල ප‍්‍රතිඵලයක් නිසා එය කරගත නොහැකි විය.

මේ අතර කාලය තුළ 2002 වන විට චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ ආණ්ඩුව  අස්ථාවර වී බිඳ වැටිණ. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ගත්තේය. මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයතන දෙක වෙනුවට මේ දෙකම එකට එකතු කර, ”වාරිමාර්ග අධිකාරිය””ජාතික ජලසම්පත් අධිකාරිය”සහ   ”ප‍්‍රාදේශීය ගංගා ද්‍රෝණි අධිකාරිය”පිහිටුවීමට මූලික වශයෙන්  සැලසුම් කෙරිණ. මෙම අධිකාරිය පිහිටුවීමේ යටි අරමුණ වී තිබුණේ ලංකාවේ මුළු ජලසම්පත්වල ”අයිතිය”මෙම නව ප‍්‍රධාන අධිකාරී දෙකට සහ ප‍්‍රාදේශීය ගංගා ද්‍රෝණි අධිකාරීවලට පැවරීමටය. එය ප‍්‍රමාණවත් වේගයකින් කරගෙන යෑමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට නොහැකි විය.

ජලය විකිණීමට මෛතී‍්‍ර

මේ අතර එම ආණ්ඩුව බිඳවැටී 2004 අපේ‍්‍රල් මස  එක්සත්  ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට පත්විය. වර්තමාන ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන ජලය විකිණීමට ප‍්‍රබල ලෙස අත ගැසීමේ ඉතිහාසය එම  ආණ්ඩුව දක්වා අතීතයට  දිවයයි. එම ආණ්ඩුව බලයට පත්වන්නේ ජලය විකිණීමේ කි‍්‍රයාවලියට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැති පසුබිමකය. මේ නිසාම 2004 අපේ‍්‍රල් 02 දින නිකුත් කළ ”රට පෙරට”ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඉතා වැදගත් වගන්තියක්  ඇතුළත් කිරීමට සිදුවිය. ”ජල කළමනාකරණය නමින් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර  ඇති ජලසම්පත් විකිණීමේ කි‍්‍රයාවලියෙන්ද ඒ සඳහා පිහිටුවා ඇති ආයතන ද අහෝසි කරනු ලැබේ.”යනුවෙන් සඳහන් කර තිබිණ. මෙමගින් මුල්වරට ධනපති පක්ෂයක් විසින් පිළිගත් ඉතා වැදගත් දෙයක් තිබේ. එනම් ”ජල කළමනාකරණය”යන සළුපිළි අන්දවාගෙන එන්නේ ”ජල සම්පත විකිණීමේ”කි‍්‍රයාවලිය බවය. එමෙන්ම ජලය විකිණීමට ආයතන පිහිටුවා තිබෙන බවද පිළිගෙන තිබිණ.

”රට පෙරට”ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කළ එක්සත්  ජනතා නිදහස් සන්ධානය 2004 අපේ‍්‍රල් පැවැති මහා මැතිවරණයෙන් බහුතර බලය ලබාගෙන ජයග‍්‍රහණය කළේය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණට කැබිනට් ඇමැති ධුර හතරක් සහ එම නියෝජ්‍ය ඇමැති ධුර ලැබිය යුතුව තිබිණ. පක්ෂ අතර මුලින් එක`ග වී තිබූ ඇමැති ධුර ජවිපෙට ලබාදීමේදී අදාළ අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන රැුසක් ඉවත් කිරීමට චන්ද්‍රිකා ජනාධිපතිවරිය කි‍්‍රයාකර  තිබුණාය. ඒ අනුව කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය දෙකට කඩා කොටසක් වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කර එයට ලබාදුන්නාය. ”ගංගාධාර, මහවැලි සංවර්ධන හා රජරට සංවර්ධන අමාත්‍යාංශය”නමින් එම අමාත්‍යාංශය නම්කර තිබිණ. එහි ඇමැති වූයේ මෛතී‍්‍රපාල සිරිසේනය.

මෙම අමාත්‍යාංශය බිහිවීමත් සමග ඉතා වැදගත් හොරයක් එළියට පැමිණියේය. ඒ රටපෙරට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අමතරව ”අපේ ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ග සැලැස්ම”නමින් තවත් ලියවිල්ලක් තිබීමය. එහි 12 වන පිටුවේ අනු සිරස්තලයක් වූයේ ”ජලය, ජලාශ, වැව් හා වාරිමාර්ග”යන්නය. එහි මෙසේ සඳහන්ව තිබුණේ රටපෙරට ප‍්‍රතිපත්ති මාලාවට සම්පූර්ණයෙන් ප‍්‍රතිවිරුද්ධ දෙයක්ය. ”පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව මගින් ආරම්භ කරන ලද ජාතික ජල කළමනාකරණ පිළිවෙළ සම්පූර්ණකර කි‍්‍රයාත්මක කෙරේ.”යනුවෙන්ය.   ”රට පෙරට”හි සඳහන් වන්නේ ”ජල කළමනාකරණය”යනු ජලය විකිණීමේ කි‍්‍රයාවලියම බවය. නමුත් ”අපේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේ සැලැස්ම”ට අනුව ”ජාතික ජල කළමනාකරණ”වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කරන බව සඳහන්ය.

එතැන් සිට එළියට එන්නේ යටිකූට්ටු කි‍්‍රයාමාර්ගය. එම කි‍්‍රයාමාර්ග ආවරණය කිරීමට නීතිමය බලය පවරණ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ. 2004 ජූලි මස 12 වෙනි දින නිකුත් කරන ලද අංක 1349/3  දරන අති විශේෂ ගැසට් නිවේදනය ජලය විකිණීම සම්බන්ධයෙන් එම ආණ්ඩුව පියවර කීපයක් ඉදිරියට තබමින් නිකුත් කරන ලද්දක්ය. ජලය විකිණීමේ කොන්දේසියක් වූ ජලයට අයිතිකරුවෙක් නිර්මාණය කිරීමය. එම අයිතිකරුවා වූයේ      ”අන්තර්වාර ජලසම්පත් අධිකාරිය”නම් ආයතනයයි. මෙම ආයතනය අහෝසි කිරීමට  එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට  බල කෙරී තිබිණ. එහෙත් ඉහත අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වූයේ ”අන්තර් වාර ජල සම්පත්  අධිකාරිය”අහෝසි නොකර එය   ”ගංගාධාර, මහවැලි සංවර්ධන හා රජරට සංවර්ධන”අමාත්‍යංශයට පවරණ බවය. වර්තමාන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන එදා එම ඇමැතිවරයාය. ජලය විකිණීමට අදාළව මෛතී‍්‍රපාල සිරිසේනගේ මුල්  ඒ දක්වා අතීත කි‍්‍රයාමාර්ගවලට දිවගිය බව මෙයින් පැහැදිලිය.

රනිල් – මෛතී‍්‍ර

”ලංකා”පසුගිය සතියේ හෙළිකළ පරිදි ජලය විකිණීම පිළිබඳ නැවත ”වහෙන් ඔරෝ”වචන ජනාධිපතිවරයාගෙන් එළියට පනින්නේ මෙම අතීත උරුමය සමග බව නැවත සිහිපත් කිරීම වැදගත්ය. බත්තරමුල්ල ”අපේ ගම”නමින් හඳුන්වන පැරණි ජන කලා කේන්ද්‍රයේදී පසුගිය 16 වෙනිදා ජනාධිපතිවරයා කළ කතාවේ බරපතලකම පැහැදිලිවන්නේ ඉහත සඳහන් පූර්ව සමස්ත පසුබිම පිළිබඳවද සලකා බලන විටය. ”සුවබර දිවියකට –ජලය සනීපාරක්ෂාව සහ ස්වස්ථතාව”යනුවෙන් ජනාධිපතිවරයා එම දේශනය කළේය. එහිදී ඔහු අවධාරණය කර තිබුණේ ”ජලසම්පත් කළමනාකරණය හා පෝෂණයට ආයතන ගණනාවක් තිබීමෙන් කළමනාකරණ දුර්වලතා ඇතිවන නිසා එක් ආයතනයක් තිබිය යුතු බවය. ජල කළමනාකරණය යනු ජලය විකිණීම බව ”රට පෙරට”තුළින් තහවුරු කළේ ද මෛතී‍්‍රපාල සිරිසේනලාමය. කලමනාකරණය යනු ඉතාම අවශ්‍ය දෙයක්ය. එම අවශ්‍ය දෙය පෙරට දමා පිටුපසින් විකිණීමේ කි‍්‍රයාවලිය දියත් වන්නේය. මහජන විරෝධය පවතින්නේ මෙයටය. දෙවිදත්තර විසින් අජාසත්තව පීතෘ ඝාතකයෙකු බවට පත් කළේ බුදුන්වහන්සේ පෙන්වාය. දැන් නූතන අධිරාජ්‍යවාදීන් සහ උන්ගේ ගැත්තන් කළමනාකරණය පෙන්වා ”විකිණීම”කි‍්‍රයාවට න`ගන්නේ ද බුදුන්වහන්සේ පෙන්වූ පරිදිමය.

මේ වන විට වයඹ පළාත් සභාව ජල ප‍්‍රඥප්තිය නමින් ජලයට අයිතිකරුවෙකු පළාත් සභාව තුළ තහවුරු කළ හැකි පරිදි පනතක් සම්මත කරගෙන තිබේ. ඉතිරිව පවතින්නේ අනිකුත් අංගෝපාංග ටික සකස් කර ගැනීමය. උතුරු පළාත් සභාවද දැන් වයඹ පළාත් සභාව අනුව යමින් පනතක් සම්මත කරගැනීමට සූදානම්ය. එක එකා හීන්සීරුවට ජලය විකිණීමේ කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යමින් සිටින්නේ විවිධ උපක‍්‍රම හරහාය. මෙයින් පැන න`ගින ප‍්‍රශ්න කොතෙක්ද යත් ගෙදර තිබෙන ළිඳටත් බද්දක් ගෙවීමට සිදුවීමය. දැන්  ගොවියා වක්කඩයෙන් කුඹුරට හරවා ගන්නා වතුර විශාල ප‍්‍රමාණයක් අපතේ යන බව සනාථ කිරීම සංඛ්‍යා ඉදිරිපත් කරමින් සිටී. අනික් අතට වී වගාව ආර්ථික වශයෙන් පාඩු ලබන වගාවක් බවද තහවුරු කිරීමට උත්සාහ දිගටම කි‍්‍රයාත්මකය. මේ තුළ වක්කඩයෙන් කුඹුරට හැරවෙන වතුර ටිකටත් මීටරයක් කැරකෙන තත්වයට වත්මන් යහපාලනය සියලූ අතින්ම ජනතාවගේ අපේක්ෂා කුඩුපට්ටම් කරමින් ගමන් කිරීමට පටන්ගෙන තිබෙන බව පැහැදිලිය.

 

මෛතී‍්‍ර – රනිල් එක්ව ගෙන යන ජාතික ආණ්ඩු පාලනය තවත් ජනපීඩක ධනපති ක‍්‍රමයක් මිස ජනතාවගේ ප‍්‍රශ්න විසඳන ආණ්ඩුවක් නොවන බව දැන් බොහෝ දෙනෙකු ප‍්‍රත්‍යක්ෂ කරගෙන සිටිති. දැන් මේ කට්ටුව බීමට තිබෙන වතුර බිඳත් විකුණාගෙන කෑමට පිටපොටගසා අවසන් බව පැහැදිලිය.

Facebook
Twitter
LinkedIn