ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් එහි ගමන් ගත් 12 දෙනෙකු සමග උතුරු සුමාත්රා ප්රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වේ.
ගුවන් ගත කිරීමෙන් සුළු වේලාවකට පසු යානය නිවාස දෙකක් මතට කඩා වැටී තිබේ. මේ වනවිට ගුවන් යානයේ සිටි පස් දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකිවී ඇත. අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර කඩා වැටීමත් සමග ගුවන් යානය ගිනි ගෙන විනාශ වී ඇත.

Views: 0









