ට්‍රම්ප්ගෙන් ඔබාමාට චෝදනා!

Image result for Obama & trumpතමන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඇමෙරිකාව තුළ සිදු කරනු ලැබූ උද්ඝෝෂණ සියල්ල පිටුපස හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සිටින බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල කළ පළමු අවස්ථාව මෙය වන අතර අද පළමු වරට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයද ඇමතීය. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ බැරැක් ඔබාමා හදුන්වාදුන් ඇමෙරිකානුවන්ට හිමිවන ඔබාමා කෙයාර් නම් වෛද්‍ය රක්ෂණය ඉදිරියේදී අත්හිටුවීමට ක්‍රියා කරන බවයි.

Facebook
Twitter
LinkedIn