උසස් අධ්‍යාපනය ලැබීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තරුණියන් බොහෝ පිරිසක් වයසින් වැඩි ධනවත් පුද්ගලයින් හා ලිංගික සබඳතා පැවැත්වීමේ ප්‍රවණතාව සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව යුරෝපයෙන් වාර්තා වේ.
තරුණියන් හා ධනවතුන් අතර සබඳතා ගොඩ නැගීම වෙනුවෙන්ම වෙන් වූ විශේෂීත නියෝජිත ආයතන රැසක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඒ වෙනුවෙන් වෙන් වූ වෙබ් අඩවි යොදා ගනිමින් ධනවතුන් හා උසස් අධ්‍යාපනය හදාරන තරුණියන් මුණගැස්වීම සිදු කෙරෙමින් පවතින බවද පැවසේ.
මේ තොරතුරු අනාවරණය වන්නේ එලෙස ක්‍රියාත්මක ප්රමුඛ පෙළේ නියෝජිත ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමණාකාරීවරියක් බී.බී.සී. ය සමග සිදුකළ සාකච්ඡාවකිනි. එහිදී ඇය අවධාරණය කර ඇත්තේ ලොව පුරා මිලියන 4කට අධික පිරිසක් තම ආයතනය තුළ ලියාපදිංචිය ලබා ඇති බවත් ධනවත් රටවක් රැසක් වන ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය යන රටවල වැඩි පිරිසක් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින බවත්ය.









