වසර ගණනාවක සිට අයි.එස්. ත්රස්තවාදීන්ට එරෙහිව ඉරාකයේ සිදු කෙරෙන සටන් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බව වාර්තා වේ.
ඉරාක ආරක්ෂක අංශ එල්ල කරනු ලබන දැඩි ප්රහාර හමුවේ මේ වනවිට අයි.එස්. ත්රස්තවාදීන් සතුව තිබූ ඉරාකයේ බොහෝ ප්රදේශයන් හි බලය ගිලිහී ගොස් තිබේ. ආරක්ෂක අංශ ප්රහාරයන් හමුවේ සටන් කළ නොහැකි නම් පළා යන ලෙස හෝ මරාගෙන මැරෙන ප්රහාර දියත්කරන ලෙසට අයි.එස්. නායකයා සිය සාමාජිකයන්ට පවසා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
පසුගිය මාස කිහිපයේ ඉරාකයේ මොසූල් ඇතුළු තීරණාත්මක නගර රැසකට ඉරාක ආරක්ෂක අංශ දැවැන්ත ප්රහාරයන් දියත් කරනු ලැබූ අතර දැවැන්ත ගුවන් ප්රහාරයන්ද එල්ල කරනු ලැබීය. ප්රහාරයන් හමුවේ අයි.එස්. ත්රස්තවාදීන්ගේ බලය ගිලිහී යෑමත් සමග මේ වනවිට දැවැන්ත අර්බුදයකට අයි.එස්. ත්රස්තවාදීන් මුහුණ දී සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
Views: 0









