සයිටම් විරෝධී රැලියේදී වාසුදේව මන්ත්‍රීවරයාට හූ සංග්‍රහක්!

සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නායකත්වයෙන් ඊයේ (01) රත්නපුර නගරයේදී විරෝධතා පා ගමනක් හා රැලියක් පැවැත්වූ අතර වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා එම රැලිය අමතන අවස්ථාවේදී ඔහුට හූ හඬක් එල්ල කරමින් විරෝධතාවයක් එල්ල වූ බව වාර්තා වේ.

සබරගමුව පළාතේ වෛද්‍යවරුන්ගේ වර්ජනයට සමගාමීව මෙම විරෝධතා පා ගමන හා රැලිය රත්නපුර නගරයේදී පැවැත්වූ අතර ඊට මහා සංඝරත්නය, වෛද්‍යවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ඇතුළු විශාලා පිරිසක් මහ වැසි මැද  රත්නපුර රෝහල් හංදියේ සිට විරෝධතා පා ගමනින් සීවලී ක්‍රීඩාංගනය අසලට පැමිණියහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශිෂ්‍ය නායකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් එහිදී අදහස් දක්වමින් පැවසූවේ සයිටම් හොර උපාධි කඩය හකුළා ගන්නා තුරු අඛණ්ඩව මෙම විරෝධතා ඉදිරියට රැගෙන යන බවයි.

Facebook
Twitter
LinkedIn