බස්නාහිර ප⁣ළාතේ වෛද්‍යවරු වැඩ වරති

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු සහ දන්ත වෛද්‍යවරු අද (03) පෙරවරුවේ වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊට අමතරව අද(03) පස්වරු 1.00ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් සයිටම් විරෝධී පාගමනක් ආරම්භ වීමට නියමිත අතර විහාර මහාදේවී එළිමහන් රංග පීඨය අසලදී රැලියක් පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn