පනත ස්වභාවික යුක්ති ධර්මවලට පටහැනියි – සරත් එන්. සිල්වා

 

පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීම ස්වභාවික යුක්ති ධර්මවලට පටහැනි බව නීති විශාරදයන් පවසයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු අගවිනිරු සරත් එන්. සිල්වා මහතා මේ බව පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ ආයතන හිමිකරුවන්ගෙන් කිසිදු විමසීමක් නොකර, කිසිදු දැනුම්දීමකින් තොරව මෙසේ ආයතන රජයට පවරා ගැනීම ව්‍යවස්ථාවට පටහැනි බවයි. අඩුම වශයෙන් ආයතන හිමිකරුවන්ට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීම කළ යුතු බවද ඔහු පවසයි.

මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රතිභා මාහානාම මහතා මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටින්නේ මෙම පනත හදිසි පනතක් ලෙස ගෙන ඒම ගැටලු සහගත බවයි. මේ මෙහොතේ එවැනි හදිසි පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් වටපිටාවක් පවතිනවාද යන්න පිළිබද සොයාබැලිය යුතු බව හෙතෙම අවධාරණය කරයි. තවද ආයතන පාඩු ලැබීම හෝ ලාභ ලැබීම අකාර්යක්ෂමතාව කලින් කලට ව්‍යාපාරවල දැකිය හැකි අතර ඒවා යථා තත්වයට පත්කිරීමට ආයතන හිමිකරුවන්ට අවස්ථාව ලබාදිය යුතුයි.

මේ අතර මෙම පනත ව්‍යවස්ථානුකූලද යන්න අද දින කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්