21 හැවිරිදි මානවසම්පත් කළමනාකරණය උපාධිධාරිනියක් වන වෙනිසියුලාවේ ඉවියාන් සාර්කෝස් මෙවර ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවා ය. ඉවියාන් සාර්කෝස් හට ලෝක රූ රැජිණ කිරුළ හිමි කර ගැනීම සඳහා තරඟකාරියන් 21දෙනෙකු පරාජය කිරීමට සිදු විය.
දෙවැනි ස්ථානය පිලිපීන ජාතික ග්වෙන්ඩලයින් රුඑයිස් ද ෆොටෝරිකෝ හි ඇමැන්ඩා පර්රෙස් තෙවන ස්ථානය ද දිනා ගෙන තිබේ. ඔවුන්ගෙන් වැඩි පිරිසක් භාෂා දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් කතා කිරිමේ හැකියාවෙන් යුක්ත වූ හ. ඉවියාන් සාර්කෝස් සඳහන් කර ඇත්තේ සිය අනාගත බලාපොරොත්තුව ළමුන් වෙනුවෙන් කටයුතු කිරීම බවයි.
මෙවර ලෝක රූ රැජිණ තරගය රටවල් 150 කට අධික සංඛ්‍යාවක සජීව ලෙස විකාශය කෙරුණු අතර එය රූපවාහිනි මගින් නරඹා ඇති ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව බිලියනයක් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
7









