දිනක පාඩුව කෝටි 1 1/2යි. ගාස්තු වැඩි කළ යුතඅමයි – ගැමුණු

ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස්‌ හිමියන්ට දිනකට රුපියල් කෝටි එකහමාරක පමණ පාඩුවක්‌ සිදුවන බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පවසයි.

මේ හේතුව මත නියත වශයෙන්ම බස්‌ ගාස්‌තු වැඩිවීමක්‌ අවශ්‍ය බව ද ඒ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර මහතා දැනුවත් කරන බව ද සභාපතිවරයා පවසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කිරීම සඳහා සිය සංගමය මගින් ලිපියක්‌ යවන බව ද එහි පිටපත් ජනාධිපතිවරයාට සහ ප්‍රවාහන ඇමැතිවරයාට ද යවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්