ශ්‍රී ලංකා රේගුව අද සිට කඩදාසිවලින් තොර වෙයි

ශ්‍රී ලංකා රේගුව අද සිට කඩදාසිවලින් තොර වෙයි

ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින්, කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද (01) සිට ක්‍රියාත්මක වේ

ඒ අනුව සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකයන් විසින් සිය රේගු ප්‍රකාශන සහ අනෙකුත් අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන (Digital Signature) සහිතව යොමු කිරීම අනිවාර්ය වන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පැරණි ක්‍රමයට යොමුකරනු ලබන රේගු ප්‍රකාශන භාරගැනීම තවදුරටත් සිදු නොකරන බවද අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රමවේදය යටතේ ආරම්භ කරන මෙම කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය මඟින් රේගු නිශ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීමට හැකිවනු ඇත.

ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදුකෙරෙන වෙනස්කම් මෙම පද්ධතිය මඟින් හඳුනාගනු ලබන බැවින්, එමෙන්ම නිශ්කාශන ක්‍රියාවලිය තුළ වංචා හා දූෂණ සඳහා ඇති අවස්ථාවන් අවම වීමටද මෙම ක්‍රමය ඉවහල් වනු ඇති බව ප්‍රකාශ වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්