රට තුළ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොදෙන බවට, මඩකළපුව කිරි ගොවි ගැටුමට ස්ථිර විසඳුම් ලබා දෙමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති දැඩිව ප්‍රකාශ කර සිටියේය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති ඒ බය පැවසූවේ පසුගියදා ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිණි.
එහිදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව දිගුකාලීනව මුහුණපා ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති අතර, මෙම ගැටලු පිටුපස ක්‍රියාත්මක වන ජාතිවාදී කුමන්ත්‍රණ සහ උත්සාහයන් සම්පූර්ණයෙන් පරාද කරමින් සියලු ජන කොටස්වල අයිතීන් ආරක්ෂා කර කඩිනම් සහ ස්ථිරසාර විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබේ.
විශේෂයෙන්ම මඩකළපුව දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධානතම ගැටළුවක් වන මයිලත්තමඩු මඩුවම් ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ තණබිම් ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී දැඩි අවධානයක් යොමු කෙරිණි. සම්ප්‍රදායිකව වගා කාලයට කිරි ගොවීන්ගේ ගවයන් එම ප්‍රදේශයට යැවුවද, අම්පාර දිස්ත්‍රික්කයේ සිට පැමිණෙන පාර්ශ්වයන් විසින් එම භූමිවල වගා කිරීම නිසා ගැටලු මතුව තිබූ බව ඇමති සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දුන්නේය.
මෙම ගැටළුව පිටුපස ඇතැම් පිරිස් යම් යම් ජාතිවාදී පදනම් මත ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බව අවධාරණය කළ ඔහු, වත්මන් රජය යටතේ කිසිදු හේතුවක් මත එවැනි ජාතිවාදී ගැටුම්වලට ඉඩ නොදෙන බව තරයේ කියා සිටියේය.
මේ සඳහා රජය විසින් ජනාධිපති මට්ටමින් තීරණයක් ගෙන ඇති බවත් අදාළ ප්‍රදේශය නිශ්චිත තණබිම් ප්‍රදේශයක් ලෙස නම් කර මහවැලි අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාව මත ගැසට් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී. ඒ අනුව කිරි ගොවීන්ට එම තණබිම්වල අයිතිය තහවුරු කිරීමටත්, අනෙක් පාර්ශ්වයන්ට මහවැලි ප්‍රදේශයෙන් විකල්ප ඉඩම් ලබා දීමටත් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. සියලුම ජන කොටස්වල අයිතිවාසිකම් සහ සුරක්ෂිතභාවය සෑම පාර්ශ්වයකම සහයෝගයෙන් තහවුරු කරන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මීට අමතරව, දිස්ත්‍රික්කය තුළ නීත්‍යානුකූල නොවන අයුරින් බලපත්‍ර රහිතව සිදුකෙරෙන වැලි, පස් සහ බොරලු කැණීම් හේතුවෙන් පරිසරයට සහ මහජනතාවට සිදුවන බලපෑම් පිළිබඳවද දැඩි අවධානය යොමු කෙරිණි. පොලිසිය සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහයෝගයෙන් විධිමත් ක්‍රමවේදයක් යටතේ එවැනි නීති විරෝධී කැණීම් මර්දනය කිරීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. කිසිදු ආකාරයකින් නීත්‍යානුකූල නොවන බලපත්‍ර රහිත කැණීම් කටයුතු සඳහා ඉඩ නොදෙන බවද මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කළේය.
දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ නිලධාරීන් මුහුණපාන ප්‍රවාහන හා සම්පත් හිඟකම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත. නැගෙනහිර පළාතට බෙදා දුන් යතුරුපැදි අතරින් මඩකළපුව දිස්ත්‍රික්කයට ලැබී ඇත්තේ ඉතා අවම ප්‍රමාණයක් වීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ඔහු, අමාත්‍යාංශ මට්ටමින් සහ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර එම අඩුපාඩු කඩිනමින් මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය.














