22 වන සංශෝධනයට එරෙහිව අද (24) උදෑසන පොල්දූව මංසන්දියෙන් ආරම්භ වූ උද්ඝෝෂණය දහවල් වන තෙක්ම පැවැත්විණි. ඒ අතරතුර පාර්ලිමේන්තු ආපනශාලාව තුළ දැඩි තදබදයක් හටගෙන ඇති බවද වාර්තා වේ.
ඊට හේතුවී ඇත්තේ සමගි ජන බලවේගයේ සමහර කණ්ඩායම් විසින් උද්ඝෝෂණයට පැමිණි පිරිස් අතුරින් තෝරාගත් අතලොස්සක පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණය තුළට කැඳවාගෙනගොස් ආහාර පාන ලබාදීමට කටයුතු කිරීම නිසාය. එලෙස රැගෙනගොස් ඇත්තේ තමන්ට ඉතාම සමීප හිතවත් පිරිසක් බවද පැවසේ.
උද්ඝෝෂණයට පැමිණි බහුතරයක් ජනතාව වර්ෂාවට තෙමෙමින්, ආහාර පවා නොමැතිව දැඩි අපහසුතාවයට පත්ව සිටියදී, නායකයින්ට හිතවත් පිරිස් පමණක් මෙලෙස පාර්ලිමේන්තු ආපනශාලාව වෙත රැගෙනගොස් සලකා තිබීම ගැන උද්ඝෝෂකයින් අතරම කතාබහට ලකිවෙමින් තිබෙන බවද වාර්තා වේ.
151










