නාමල්ට රු.මි. 70ක අල්ලස් දුන් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂකවරියක් අත්අඩංගුවට…!

නාමල්ට රු.මි. 70ක අල්ලස් දුන් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂකවරියක් අත්අඩංගුවට…!

රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස නාමල් රාජපක්ෂට ලබා දුන් බවට වන චෝදනා මත, ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරියක, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට අදාලව, නීතිපති විසින්, නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

නාමල් රාජපක්ෂ, ක්‍රිෂ් සමාගමෙන් මෙම මුදල ලබාගෙන ඇත්තේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සදහා යැයි පවසමිණි.

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව, විභාගය සඳහා නොවැම්බර් මස 16 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ පසුගිය ජුලි 07 වනදා නියෝගයක්ද සිදු කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්