කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි පර්චස් 79.71ක වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදලකට ප්‍රසිද්ධ සමාගමකට විකිණීමට සම්බන්ධ වූ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර නාගස්හන්දිය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි සැකකරු කළුතර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අද (16) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ව්‍යාජ නමකින් පෙනී සිට ඔප්පුව සකසා ඇති 73 හැවිරිදි මෙම සැකකරු දිලන්ත මාලගමුව නම් පුද්ගලයෙකු ඇතුළු පිරිසක් සමග එක්ව අදාළ ඉඩම සමාගමකට විකුණා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
35









