ජනපති අනුර ලංකාවේ සියලු පළාත් මෙන්ම උතුරු පළාතද සංවර්ධනය කිරීමට දක්වන උනන්දුව අපි අගය කරන බව ඉන්දීය මහ කොමසාරිස් කියයි…

ජනපති අනුර ලංකාවේ සියලු පළාත් මෙන්ම උතුරු පළාතද සංවර්ධනය කිරීමට දක්වන උනන්දුව අපි අගය කරන බව ඉන්දීය මහ කොමසාරිස් කියයි…

ලංකාවේ සියලු පළාත් මෙන්ම උතුරු පළාතද සංවර්ධනය කිරීමට ජනාධිපති දක්වන උනන්දුව අගය කරන බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කළ අවස්ථාවේ එම උත්සව සභාව අමතමිණි.

මන්නාරම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ඉන්දීය රජයේ ප්‍රදානයකට අනුව රුපියල් මිලියන 600ක වියදමින් ඉදි කිරීමට නියමිත මෙම හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සියලු නවීන පහසුකම්වලින් සමන්විතය. 2028 වසරේ පළමු කාර්තුවේ මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා,

“අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කරා යන පරිවර්තනීය මාවතකට පිවිස තිබෙනවා. ලංකාවේ සියලු පළාත් මෙන්ම උතුරු පළාතද සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා දක්වන උනන්දුව අපි අගය කරනවා. එමෙන්ම එම දැක්ම යථාවත් කිරීමට ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට ලැබීම පිළිබද සතුටු වෙනවා.

මෙම මන්නාරම හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගිවිසුම අත්සන් තැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද ඒ වෙනුවෙන් ඉතා කැපවීමෙන් කටයුතු කළා. ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය ලබා දෙන්නේ පවුලේ සාමාජිකයෙකු වෙනුවෙන් වන යුතුකමක් සහ විශාල වගකීමක් ලෙස සලකමින්. මෙරට සියලු ජන කොටස්වල යහපැවැත්ම සහ තිරසාර ප්‍රගතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සමග ඉදිරියටත් එක්ව කටයුතු කරනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්