සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගාමිණී කිත්සිරි ඩයස් අමරවර්ධන දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී, අවම ලංසුව ඉදිරිපත් කළ සුදුසුකම්ලත් පෞද්ගලික සමාගම ප්‍රතික්ෂේප කර වෙනත් ආයතනයකින් පුටු මිලදී ගැනීම සම්බන්ධයෙනි.
මෙම අක්‍රමිකතාව හරහා බාහිර පාර්ශ්වයකට අනිසි ලෙස වාසි සැලසීම සහ ඒ හේතුවෙන් රජයට රුපියල් හැත්තෑ නවලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය දා හතරයි සත පනහක (රු. 7,973,114.50) මූල්‍ය පාඩුවක් සිදු කර ඇතැයි වාර්තා වේ.
Views: 61










