“රාජපක්ෂ පවුල කොමිස් කුට්ටි ගැහුවා” – මහාචාර්යවරයෙක් කියයි

“රාජපක්ෂ පවුල කොමිස් කුට්ටි ගැහුවා” – මහාචාර්යවරයෙක් කියයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිල දී ගැනීමේ මුවාවෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඩොලර් කොමිස් කුට්ටි ලබා ගත් බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන “මහාචාර්ය” සොනාල් ප්‍රනාන්දු පිළිගෙන තිබේ.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ගුවන් යානා සම්බන්ධ ගනුදෙනුවල දී කොමිස් ලබා ගැනීම අනිවාර්ය බව ය. එසේ නොකළ හොත් අදාළ ගනුදෙනුව සිදු නොවන බව ද ඔහු ප්‍රකාශ කර ඇත. මහාචාර්යවරයා එම අදහස් පළ කරන්නේ එයාර් බස් ගනුදෙනුවක කොමිස් ගැනීමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අධිකරණය දඬුවම් පමුණුවන ලද පසුබිමක් තුළ ය. එයාර් බස් ගනුදෙනුවේදී රාජපක්ෂ පවුල කොමිස් ගත් බව සොනාල් ප්‍රනාන්දුට පෙර උදය ගම්මන්පිල සහ සාගර කාරියවසම් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්