නීතිඥ සංගමයේ සභාපති වීරවංශව කරට ගනී

නීතිඥ සංගමයේ සභාපති වීරවංශව කරට ගනී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය බිල්ලන් මැවීමක නිරත වෙමින් වීරවංශගේ අඩි පාරේ යාමට පටන් ගෙන තිබේ.

තැපැල් වෘත්තීය සමිතියක වැඩමුළුවක් අමතමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් සිදුවන බව ය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ “මට බයක් තියෙනවා මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය මේ තත්වයෙන් වෙනත් තැනකට ගමන් කරයි කියලා” යනුවෙනි. මෙවැනි ප්‍රකාශයක් මුළින්ම සිදු කළේ රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ මාධ්‍ය හමුවක් පැවැත්වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් විසිනි.

අධිකරණ පද්ධතියේ පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ එක් පියවරක් ලෙස 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමටත් පෙර සිට ම නීතිඥ සංගමයේ නාමයෙන් එහි වත්මන් සභාපති රජීව් අමරසූරිය ඇතුළු පිරිසක් ජනතාව තුළ බියක් ඇති කිරීමේ අසාර්ථක උත්සාහයක් දරණු ලැබීය. ඔවුන් ප්‍රකාශ කළේ අධිකරණයේ ස්වාධීනත්වය නැති වී යන බවයි. දැන් ප්‍රකාශ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් ඇති බව ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්