කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඇමෙරිකානු රජයෙන් ලබාදීමට නියමිතඩොලර් මිලියන 15 ක මූල්‍ය සහාය සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ සභාපති ලෝරා ඩිබෙල්ලා පවසනවා.
ඉදිරි සති කිහිපය තුළ ඊට කොංග්‍රස් අනුමැතිය ලැබුණු වහාම අදාළ මූල්‍ය සහාය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඇය සඳහන් කළා.
ලෝරා ඩිබෙල්ලා ප්‍රමුඛ නියෝජිත පිරිස සහ බලශක්ති, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව කරුණු අනාවරණය වී තිඛෙනවා.
මෙම ව්‍යාපෘතිය හරහා වරාය මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නෞකා වරාය තුළ රැඳී සිටින කාලය අවම කිරීම අපේක්ෂා කරන බව ද ඇමෙරිකානු නියෝජිත පිරිස ප්‍රකාශ කර සිටියා.
Views: 0










