“කළු ජූලිය” විමර්ශනයට විශේෂ කාරක සභා යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එද්දී විපක්ෂය යකා නටයි

“කළු ජූලිය” විමර්ශනයට විශේෂ කාරක සභා යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එද්දී විපක්ෂය යකා නටයි

1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් අද (03) පෙරවරුවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉිදරිපත් කළ අතර එම අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට බාධා කරමින් විශාල කාලගෝට්ටියක් ඇති කරනු දක්නට ලැබිණි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තණුර දිසානායක විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් විසින් ස්ථිර කරන ලදී.

කළු ජූලි සිදුවීම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා කිරීම, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම සම්බන්ධයෙන් සිය යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාරක සභාවේ අපේක්ෂාව වී ඇත.

කෙසේ වෙතත් එයට බාධා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් වරප්‍රසාද ප්‍රශ්න සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවක් මුල් කරගනිමින් උක්ත යෝජනාව ඉදිරිපත් කිරීමට දිගින් දිගටම බාධා එල්ල කරන ලදී.

එම බාධා මධ්‍යයේ වුවද පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කරගෙන යන ආකාරයද දක්නට ලැබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්